ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම ගැන අමාත්‍යංශයෙන් පැහැදිළි කිරීමක්

2018-05-12 07:23:00       642
feature-top
ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම හරහා ඉන්දියානු, මැලේසියානු හෝ වෙනත් කිසිඳු රටක පුද්ගලයෙකුට මෙරට තුළ සේවය කිරීමට අවස්ථාව හිමි නොවන බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්ත්‍යන්තර වෙළඳ අමාත්‍යංශය අද (12) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ශ්‍රී ලංකා - සිංගප්පූරු වෙළඳ ගිවිසුම කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත අත්සන් කළ බවයි.

මෙම ගිවිසුම හරහා සිංගප්පූරු ජාතිකයෙකුට හැර වෙනත් අන්‍ය ජාතිකයෙකුට මෙරට කුමන තරාතිරමක සේවාවක් සිදු කිරීමට වුවද අවස්ථාවක් හිමි නොවන බව එම නිවේදනයේ සඳහන්ය.

සිංගප්පූරු ජාතිකයෙකුට වුවද එම අවස්ථාව හිමිවන්නේ වසර 05ක කාලයක් සඳහා බව සඳහන් වේ.

මෙම ගිවිසුම හරහා නිදහස් වෘත්තිකයන්ට ශ්‍රී ලංකාවේ සේවය කිරීමට අවස්ථාව හිමිනොවන බව අවධාරණය කරන සංවර්ධන උපාය මාර්ග හා ජාත්ත්‍යන්තර වෙළඳ අමාත්‍යංශය කියා සිටින්නේ සිංගප්පූරුව තුළ අවම වශයෙන් සියයට 35 ක අගය එකතු කිරීමක් හෝ සැකසීමක් සිදු නොකරන කිසිඳු භාණ්ඩයක් මෙරටට ගෙන්වීමට අවස්ථාව හිමි නොවන බව වැඩිදුරටත් මෙම නිවේදනයේ සඳහන් වේ.


(under the courtesy of adaderana.lk news web)

More News »