ප්‍රභාකරන් මිය ගිය දිනය ලෝක ශෝක දිනයක් බවට කරන්න ඇමතිවරියකගෙන් ඉල්ලීමක්! ඉල්ලීම සභාපති ඉදිරියට කල්දායි!

2018-05-12 04:36:00       718
feature-top
2009 වසරේ මැයි මස 18 වනදා ආරක්ෂක අංශ ප්‍රහාර හමුවේ මියගිය එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සිහි කරමින් එදින ලෝක ශෝක දිනයක් බවට පත් කරන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව සෑම වසරකම මැයි 18 වන දින දෙමළ ජාතික සංහාර දිනයක් වශයෙන් නම් කර එම දිනය ලෝක ශෝක දිනයක් බවට පත් කරන ලෙසයි උතුරු  පළාත් සභාවේ ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්දි ශෂිධරන් ඉල්ලා ඇත්තේ.

පසුගිය බ්‍රහස්පතින්දා පැවති 122 වැනි පළාත් සභා සැසිවාරයේදී ඇය මෙම ඉල්ලීම සිදු කර ඇති අතර එම ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරි පළාත් සභාවේදී සලකා බලන බව උතුරු පළාත් සභාවේ  සභාපති සී.වී.කේ සිවඥානම් ප්‍රකාශ කර තිබෙනවා.
(under the courtesy of nethgossip.lk news web)

More News »