ශ්‍රීලනිපය ජාතික ආණ්ඩුවේ ඉදිරියට කටයුතු කිරීම පිළිබඳ අවසන් තීන්දුව 17 වනදා ?

2018-05-12 04:35:00       708
feature-top
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් මේ මස 17 වනදා කැඳවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවේ ඉදිරියටත් කටයුතු කිරීම පිළිබඳ අවසන් තීන්දුවක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවද ඒ මහතා පැවසීය.

එසේම පක්ෂයේ සියලු නිලතලවල ප්‍රතිසංවිධානයක් සහිතව පක්ෂය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කිරීම ආරම්භ කරන බවද චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා පැවසීය.

17 වනදායින් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනෙක් පක්ෂ සමඟ සාකච්ඡා කර එක්සත් ජාතික පක්ෂ විරෝධී එජයක් පිහිටුවීමේ කටයුතු ආරම්භ කරන බව චන්දිම වීරක්කොඩි මහතා වැඩිදුරටත් පැවසීය.


(under the courtesy of adaderana.lk news web)

More News »