මහජනතාවට සේවය කිරීමට නිරන්තරයෙන් කටයුතු කරනවා

2018-05-12 04:09:00       614
feature-top
ජනාධිපතිවරයාගේ මග පෙන්වීම යටතේ මහජනතාවට සේවය කිරීම වෙනු‍වෙන් නිරන්තරයෙන් කටයුතු කරන බව සබරගමු පළාත් ආණ්ඩුකාර  නිලූකා ඒකනායක මහත්මිය පවසයි.

රත්නපුර මහ නගර සභා බල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක නීරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළේය.

රත්නපුර මහ නගර සභාවේ පරිපාලන කටයුතු හා සනීපාරක්ෂක කටයුතු නිසි ලෙස සිදු කෙරෙනවාද  යන්න සොයා බැලීම සඳහා නිලුකා ඒකනායක මහත්මිය මෙම නීරීක්ෂණ චාරිකාවේ නිරත විණි.

මෙහිදී ඇය රත්නපුර මහ නගර සභාවේ නාගරික මන්ත්‍රිවරුන් හා නිළධාරින් සමග සාකඡ්චාවකද නිරත විය.


(under the courtesy of adaderana.lk news web)

More News »