ලබන 15 දක්වා මුහුදු රළ ඉහළ යා හැකියි - නාවික හා ධීවර ප්‍රජාවට අනතුරු ඇඟවීමක්

2018-05-12 03:22:00       697
feature-top
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ලබන 15 වන දින දක්වා මෙම තත්ත්වය පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත්, එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බැවින් නාවික හා ධීවර ප්‍රජාව ඒ පිළිබදව අවධානයෙන් පසුවිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි


(under the courtesy of adaderana.lk news web)

More News »