දිවයින පුරා විශේෂ මෙහෙයුමක්-2051ක් අත්අඩංගුවට

2018-05-12 03:21:00       612
feature-top
පැය 04ක කාලයක් තුළ දිවයින පුරා සිදු කළ විශේෂ මෙහෙයුමකදී විවිධ අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 2051 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි ඊයේ රාත්‍රී 11.00 සිට අද අළුයම 03.00 දක්වා කාලය තුළ අදාළ මෙහෙයුම සිදු කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

එහිදී වරෙන්තුකරුවන්, 1329 ක්, අපරාධ සඳහා අවශ්‍ය කරනු ලබන සැකකරුවන් 151ක් සහ සැකපිට පුද්ගලයින් 571ක් අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ වැලැක්විමේ අරමුණින් දිවයින පුරා මෙවැනි වැටලීම් අඛණ්ඩව සිදු කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.


(under the courtesy of adaderana.lk news web)

More News »