ගොඩකරන ලද ඉඩම්වල ආයෝජනය කිරීමට ව්‍යාපාරික යෝජනා කැඳවීමට තීන්දුයි

2018-05-12 02:33:00       688
feature-top
බේරේ වැව ආශ්‍රිතව තිබූ අනවසර ඉදිකිරීම් ඉවත් කර ගොඩකරන ලද ඉඩම්වල ආයෝජනය කිරීමට අදාළව ව්‍යාපාරික යෝජනා කැඳවීමට නියමිතව තිබේ.

අගෝස්තු මාසයේදී එම කටයුතු ආරම්භ කිරීමට නියමිත බව නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

එම ඉඩම්වල සංචාරක නිකේතන, ආපනශාලා ඇතුළු සංචාරකයින් ඉලක්ක කර ගනිමින් ඉදිකිරීම් කටයුතු සිදු කිරීමට නියමිතව තිබේ.

මේ අතර ලේක්හවුස් වටරවුමේ සිට වොක්වෝල් විදීය දක්වා වූ කොටසේ ඉදිකරන ලද සංචාරක කලාපය ජුනි 06 වනදා  විවෘත කිරීමට කටයුතු යොදා ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.


(under the courtesy of adaderana.lk news web)

More News »