දේශගුණික විපර්යාස වැලැක්වීම සඳහා ජාතික වැඩපිළිවෙළක්

2018-05-12 01:46:00       688
feature-top
දේශගුණික විපර්යාස වැලැක්වීම සඳහා ජාතික වැඩපිළිවෙළක් සකස් කිරීමට පරිසර අමාත්‍යංශය තීරණය කර තිබේ.

එම වැඩපිළිවෙළේදී මධ්‍යම කඳුකරයේ සිදු වන පාංශු ඛාදනය වැලැක්වීම සහ ශාක ආවරණ වැඩකිරීම කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇති.

එමෙන්ම වියළි කලාපයේ නියඟයෙන් පීඩා විදින ජනතාව සඳහා ජලය සැපයීමට නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ද නියමිතව තිබේ.

පරිසර අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම වැඩපිළිවෙළ  සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට හරිත දේශගුණ අරමුදල සමඟ සාකච්ඡා පවත්වා ඇති බවයි.

ව්‍යාපෘතිවලට අදාළ සැලසුම් මේ වන විට අවසන් අදියරේ පවතින අතර ලබන වසරේදී මෙම ව්‍යාපෘති ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන්  කළේය.


(under the courtesy of adaderana.lk news web)

More News »