වන අලි ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දිම සඳහා කටයුතු කරනවා

2018-05-12 01:45:00       612
feature-top
වන අලි ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දිම සඳහා කටයුතු කරමින් සිටින බව වනජීවි අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

පොළොන්නරුවේ දියබෙදුම ඉහකුලුවැව ප්‍රදේශයේ ජනතාව සමඟ පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මීට දින කිහියකට ඉහතදී පොලොනේනරුව දියබෙදුම ඉහකුලුවැව ප්‍රදේශයේදි වන අලි ප්‍රහාරයකින් මිය ගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් මුණ ගැසිම සඳහා වනජීවි අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හා නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම යන මහත්වරුන් ඊයේ එම ප්‍රෙද්ශයට පැමිණියේය.

එම පවුලේ සාමාජිකයින් හමු විමෙන් පසු ප්‍රදේශයේ ජනතාව වන අලි නිසා මුහුණ පා ඇති ගැටලු පිළිබඳ සොයා බැලිමේ සාකච්ඡාවකට ද අමාත්‍යවරුන් ඉහකුලුවැව ශ්‍රි සුදර්ශනාරාමයේදි  එක් විණි.

අලි මිනිස් ගැටුම උග්‍ර තත්ත්වයකට පත්ව ඇති බවත් ජනතාව සමඟ සිට මෙම ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.

ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටු නොකළ බව පිළිගන්නා බවත් යුතුකම් ඉටු නොකරන්නේ නම් ඉදිරි මැතිවරණයේදී ආණ්ඩුවට ගෙදරයාමට සිදුවන බව මතක තබාගත යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


(under the courtesy of adaderana.lk news web)

More News »