පළාත් සභා 6ක මැතිවරණ නොවැම්බරයේ !

2018-05-12 01:41:00       698
feature-top

පළාත් සභා 6ක මැතිවරණය සැප්තැම්බර් මාසයේ කැඳවා නොවැම්බර් මස මුල සතියේ පැවැත්වීමට තීරණය වී ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ වසරේ අග ඡන්දය පැවැත්වීම සඳහා සූදානම් වන ලෙසට සියලු පක්ෂවලට දන්වා  ඉල්ලීමක් කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාද කියා සිටියේය.

කෙසේවුවද, පක්ෂ වැඩිගණනක් රජයෙන් ඉල්ලා ඇත්තේ සියලුම පළාත් සභා මැතිවරණ එකවර පවත්වන ලෙසවුවද ඒ සඳහා තවමත් කැමැත්තක් පලව නොමැත.

සබරගමුව, නැගෙනහිර සහ උතුරු මැද යන පළාත් සභාවල මේවන විට කාලය අවසන්ව ඇත.

එසේම එළැඹෙන සැප්තැම්බරයේ මැද වනවිට වයඹ, මධ්‍යම සහ උතුරු පළාත් සභාවල ධුර කාලය  ද නිමවීමට නියමිතය.

ඒ අනුව එකී පළාත් සභා 6 හි මැතිවරණය සැප්තැම්බර් අවසානයේ කැඳවා නොවැම්බර් මුල පැවැත්වීමට තීරණය වී ඇතැයි සඳහන් වේ.

සියලු පක්ෂ මැතිවරණය සඳහා මේ වනවිට එකඟ වී ඇත.


(under the courtesy of srilankamirror.lk news web)

More News »