විජයග‍්‍රහණයේ පෙළපාලිය අවලංගු කර දැමීම ආණ්ඩුවේ නිවට කමක්

2018-05-12 01:31:00       688
feature-top

යුද ජයග‍්‍රහණය සැමරීමේ විජයග‍්‍රහණයේ පෙළපාලිය අවලංගු කර දැමීම වත්මන් ආණ්ඩුව සිදු කළ නිවට කමක් බව ගෝලීය සංසදයේ සාමාජික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පවසනවා. මැයි 18 වනදා ශෝක දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් කරමින් අවසන් යුද සමයේ මිය ගිය දෙමළ ජනතාව සැමරීමට උතුරු පළාත් සභාව සම්මත කරගත් යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

මේ අතර අතුරුදන්වූවන්ගේ කාර්යාලය මගින් අද සිට ප‍්‍රාදේශීය මට්ටමින් ජනතා අදහස් විමසීම ආරම්භ කිරීම පිළිබඳව අදහස් දැක්වූ රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර සඳහන් කළේ මෙම කාර්යාලය සාක්ෂි ආඥා පනතට පටහැනිව වීඩියෝ සාක්ෂි ගැනීමේ අයිතිය හිමි වන බවය. මෙමගින් බොරු සාක්ෂි ඉදිරිපත්කොට රණ විරුවන් අත්අඩංගුවට ගෙන ජාත්‍යන්තර අධිකරණයකට හෝ විදෙස් රටකට ඒ තැනැත්තා බාර දිය හැකි මට්ටමට ප්‍රතිපාදන සලසා ඇති බවය.


(under the courtesy of nethnews.lk news web)

More News »