හෙරොයින් එක්ක 1ක් මාට්ටු වෙයි

2018-05-12 12:21:00       684
feature-top
මහියංගණය, 20 කණුව ප්‍රදේශයේදී  හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මහියංගණ පොලිස් ස්ථානයෙ නිලධාරීන් ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

එහිදී සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 320ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

සැකකරු 24 හැවිරිදි මාපාකඩවැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු අද මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මහියංගණය පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.
(under the courtesy of adaderana.lk news web)

More News »