කෝටි එකහමාරක වාලම්පූරියක් එක්ක දෙදෙනෙක් අත්අඩංගුවට

2018-05-12 12:19:00       603
feature-top
කිලිනොච්චිය සිට දඹුල්ල දක්වා වාලම්පූරියක් විකිණීමට ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු අද(12) අළුයම වවුනියාව නොච්චිමොටෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලීසිය පවසයි.

වවුනියාව පොලීසිය පැවසූවේ වවුනියාව පොලිස් දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සිදුකළ සොදිසි මෙහෙයුමකදී කාර් රථයකින් වාලම්පුරිය ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවන් කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අදාළ සැකකරුවන් වාලම්පුරිය රුපියල් කෝටි එකහාමාරක මුදලකට දඹුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට විකිණීමට රැගෙන එමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකි වු බවද පොලීසිය පැවසීය.

පොලීසිය පැවසූවේ කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක් හා වයස අවුරුදු 21 ක් වු තරුණයින් දෙදෙනෙකු වාලම්පුරිය සමඟ අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර,සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.


(under the courtesy of adaderana.lk news web)

More News »