එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර තරඟය ජුනි මස 13 ආරම්භ වෙයි

2018-05-08 09:23:00       742
feature-top
එංගලන්තය සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරඟාවලියේ ඔස්ට්‍රේලියානු සංචිතය සඳහා නේදන් ලියෝන් සහ ෂෝන් මාෂ්  යළි කණ්ඩායමට කැඳවා තිබේ.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වය ටිම් පෙයින් විසින් දරනු ලබන අතර උප නායකත්වය හිමිව ඇත්තේ අරෝන් ෆින්ච්ටයි.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස ජස්ටින් ලැන්ගර් පසුගියදා පත් කෙරුණි.

දෙරට අතර තරඟ 5කින් යුත් එක්දින ක්‍රිකට් තරඟාවලිය ලබන මස 13 වන දින ලන්ඩන්හිදී ආරම්භ වීමට නියමිතයි.


(under the courtesy of adaderana.lk news web)

More News »