මම මේ වන විටත් විපක්ෂයේ භුමිකාව ආරම්භ කරලා ඉන්නේ

2018-04-28 12:25:00       817
feature-top
තමන් මේ වන විටත් විපක්ෂයේ භුමිකාව ආරම්භ කර ඇති බව  ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම පවසයි.

ප්‍රගතිශීලි රජයක් පිහිටුවීමට තම කණ්ඩායම කැපවීමෙන් කටයුතු කරන බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කළේය.

මේ අතර ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනා විපක්ෂයේ අසුන් පනවන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත (27) උදෑසන ලිපියක් බාර දී තිබේ.

ආණ්ඩුවෙන් ඉවත් වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා මීළඟ පාර්ලිමේන්තු සභා වාරයේදි විපක්ෂයේ අසුන් ගන්නා බවට පසුගියදා ප්‍රකාශ කළේය.

(under the courtesy of adaderana.lk news web)

More News »