අතුරුදන්වූවන්ගේ ඥාතීන් සමඟ ලබන සතියේ සිට සාකච්ඡා ආරම්භ කරයි

2018-04-28 11:42:00       810
feature-top
උතුරු නැගෙනහිර ප්‍රදේශවල අතුරුදන්වූවන්ගේ ඥාතීන් සමඟ ලබන සතියේ සිට සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අතුරුදන්වුවන්ගේ කාර්යාලය පවසයි.

ඔවුන්ගෙන් අතුරුදන්වූවන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම, ඔවුන් රජයෙන් අපේක්ෂා කරනු ලබන කරුණූ සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව එම කාර්යාලයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා සඳහන් කළේය.

අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ වැඩකටයුතු ආරම්භ කිරීම සඳහා ඊට අවශ්‍ය පරිපාලන නිලධාරීන් බඳවාගැනීම සඳහා වූ අයදුම්පත්‍ර කැඳවීම ඊයේ දිනෙන් අවසන් වී තිබේ.

එම නිලධාරීන් ලබන මාසය අවසන් වන විට බඳවාගැනීමෙන් අනතුරුව අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ කටයුතු ආරම්භ කරන බව ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා සඳහන් කළේය.

එමෙන්ම එම කාර්යාලයට අවශ්‍ය විමර්ශන නිලධාරීන් බඳවාගැනීම සම්බන්ධයෙන් වු අයදුම්පත්‍ර කැඳවීම ද ඉදිරියේදී සිදු කිරීමට නියමිතව තිබේ.

අතුරුදන්වූවන්ගේ තොරතුරු ඇතුළත් වාර්තා මේ වන විටත් කොමිසම් සභා සහ ජාතික  ඒකාබද්ධතා අමාත්‍යංශයෙන් අතුරුදන්වූවන්ගේ කාර්යාලයට ලැබී ඇති බව ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

More News »