වෙසක් සමයේ අලෙවි කරන්න ගෙනාපු මත්පැන් බෝතල් 50 ක් සමඟ අයෙක් අත්අඩංගුවට

2018-04-28 10:46:00       807
feature-top
වෙසක් උත්සව සමයේ වතු කරයේ අලෙවි කිරිම සඳහා  බලපත්‍රයක් නොමැති ගබඩා කර තිබු රජයේ අනුමත මත්පැන් බෝතල් පනහක් සමඟ සැකකරුවෙකු බගවන්තලාව පොලිසිය මගින් ඊයේ (27) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

බගවන්තලාව බ්‍රිඩ්වෙල් වතුයායේ වතු නිවසක මෙම මත්පැන් බෝතල් තොගය සගවා තිබී ඇත.

වෙසක් උත්සව සමයේ මත්පැන්සල් වසා තබන නිසා එම දිනවල අධික මිලකට මෙම මත්පැන් බෝතල් අලෙවි කිරිමටයි සැකකරු සැලසුම් කටයුතු කර තිබු බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.සි. ධර්මප්‍රිය මහතා කියා සිටියේය.

අත්අඩංගුවට ගත් සැකකරු හා මත්පැන් බෝතල් තොගය හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව බගවන්තලාව පොලීසිය පවසයි.

(under the courtesy of adaderana.lk news web)

More News »