දකුණු අධිවේගයේ අනතුරින් 17කට තුවාලයි

2018-04-28 10:16:00       817
feature-top
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව පිවිසුම ආසන්නයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා තිබේ.

කඩවත සිට කතරගම බලා ධාවනය වූ බස් රථයක් අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටී වැදිමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය  පැවසුවේය.

අනතුරින් බස් රථයෙන් ගමන් කළ පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා කරාපිටිය සහ ඇල්පිටිය යන රෝහල්වලට ඇතුළත් කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් මේ වන තෙක් වැඩිදුර තොරතුරු වාර්තා වී නැත.

අනතුර සම්බන්ධයෙන් පින්නදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

(under the courtesy of adaderana.lk news web)

More News »