අලුතින් ලැබුණ තනතුරු සියල්ලටම කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය ලැබුණා

2018-04-26 01:13:00       600
feature-top
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ පක්ෂයේ ප්‍රධාන තනතුරුවලට පුද්ගලයින් නම් කිරීම ඊයේ (25) සිදුකෙරුණි.

එම තනතුරුවලට යෝජනා වූ සියලු නම් කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අනුමත කළ බව රවී කරුණානායක මහතා පවසයි.

විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද (26) උදෑසන සිරිකොත පක්ෂ මුලස්ථානයේදී ආරම්භ වුණි.

එහිදී හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් මයිකල් පෙරේරා මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් වී තිබේ.

(under the courtesy of adaderana.lk news web)

More News »