පදික වේදිකාවට වෑන් රථයක් කඩා වැදීමෙන් පුද්ගලයින් 10 මරුට 15 කට තුවාලයි

2018-04-24 09:55:00       738
feature-top
කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ පදික වේදිකාවක් මතට වෑන් රථයක් කඩා වැදීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබේ.

එහිදි තවත් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අනතුර සිදුකළ වෑන් රථයේ රියදුරු ටොරොන්ටෝ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේවෙතත් අදාළ අනතුර ත්‍රස්තවාදී ක්‍රියාවක් ද නැද්ද යන්න පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

(under the courtesy of adaderana.lk news web)

More News »