Luis Fonsi ගේ Despacito බිලියන පහේ Anniversary එකට ලංකාවෙන් හැදෙන සුපිරිම සිංහල Version එක ළඟදීම.

2018-04-20 05:18:00       277
feature-top
පසුගිය දිනවල ලෝකය පුරාම අතිශයින්ම ජනප්‍රිය වූ Despacito ගීතය YouTube No 01 හිට් එකක් වුණා. ඒ බිලියන පහක අති විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනා ගැනීමත් සමගමයි. 

ඉතින් ඒත් සමගම Despacito ගීතයේ සිංහල අනුවාදය ලෙසින් ඉතා අලංකාර වීඩියෝ Trailer එකක් සමාජ ජාලා වල හුවමාරු වෙමින් පවතිනවා. ඉතින් එහි නිර්මාපකයා වන්නේ නවක ගායක MalindaG සහ ලකිඳු මධුසංඛ යන ගායකයින් දෙපලයි. A- Tune Films හරහා අපට හමුවන තරිඳු විමලවීර මෙහි අධ්‍යක්ෂක වරයා වන අතර යශෝධ ධනූපම වර්ණ සංයෝජනයෙන් සහ සහය අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වනවා. 

ගීතය නිර්මාණයේ සිංහල අනුවාදයේ පද MalindaG විසින්ම නිර්මාණය කර ඇති අතර සංගීත නිර්මාණයෙන් සහන් මුණසිංහ සහ Jizzy Yesh දායක වෙනවා. සංගීත පසු සැකසුම් ප්‍රවීණ සංගීතවේදී ජීවන්ත හේවාබන්දු විසින් සිදුකර ඇති මෙම නිර්මාණයේ සම්පූර්ණ ගීතය මෙම මස 27 වන දින නිකුත් වන බව අපට ආරංචි වෙනවා. ගීතයේ Trailer එක මෙතනින් 









More News »