රිදී පදක්කමට ලක්ෂ 40යි, ලෝකඩ පදක්කමට ලක්ෂ 30යි " දයාසිරි යද්දි ෆයිසර් මුස්තාෆා එයි , පොදු රද මඩුලු ජයග්‍රාහකයන්ගේ මුදල් ත්‍යාග තවමත් ලැබි නෑ , .!

2018-04-20 04:06:00       216
feature-top

නිමාවූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාව සැලකිය යුතු දස්කම් ප්‍රදර්ශනය කළේ ඉතිහාසයේ පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියක ලබා ගත් වැඩිම පදක්කම් ගණනක් ලබා ගනිමින්. මෙහිදි ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායම පදක්කම් දිනා ගැනීමට සමත් නොවි යම්කිසි පසුගාමීත්වයක් ප්‍රදර්ශනය කළද බර ඉසිලීමේ හා බොක්ෂිං කණ්ඩායම් සිය උපරිමය ලබා දෙමින් මවුබිමට ගෞරව ගෙන ආවා.

මෙහිදි පොදුරාජ්‍ය මණ්‌ඩලීය පදක්‌කම් දිනූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන්  ත්‍යාග මුදල්ද ලබා දීමට නියමිතය. ගෙවීමට නියමිත එම ත්‍යාග මුදල් පිළිබදව හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර අදහස් දක්වා තිබුනා. එහිදි හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුනේ පොදුරාජ්‍ය මණ්‌ඩලීය පදක්‌කම් දිනූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ගෙවීමට නියමිත මුදල් ඉදිරි සති දෙක තුන ඇතුළත ගෙවීමට කටයුතු යොදා තිබෙන බවත් එය ප්‍රමාදයක්‌ වශයෙන් නොසලකන ලෙසත් ය.
 
මන්ත්‍රීවරයා මේ බව සඳහන්කර සිටියේ වත්මන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්‌තාපා ක්‍රීඩා අමාත්‍යාංශයේ වැඩ භාර ගැනීම සහ පොදුරාජ්‍ය මණ්‌ඩලීය පදක්‌කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට්‌ ශ්‍රවනාගාරයේ පැවැති උත්සවයේදීය.
 
එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර 

'පොදුරාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා ඉතිහාසයේ වසර 80 කට පසුව ලද ඉහළම ජයග්‍රහණය මේක. මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබිය යුතු වරප්‍රසාද තව සති දෙක තුනකින් ජනාධිපතිතුමා අතින්ම ලැබෙන්න කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඒ නිසා මේක ප්‍රමාදයක්‌ විදිහට තේරුම් ගන්න එපා.' යෑයි පවසා සිටියේය.
 
පොදු රාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උළෙළකදී දිනන රන් පදක්‌කමක්‌ සඳහා රුපියල් ලක්‌ෂ 50ක්‌, රිදී පදක්‌කමක්‌ සඳහා රුපියල් ලක්‌ෂ 40 ක්‌ සහ ලෝකඩ පදක්‌කමක්‌ සඳහා රුපියල් ලක්‌ෂ 30 ක්‌ බැගින් ලබා දෙන බවට මීට ඉහතදී ක්‍රීඩා අමාත්‍යාංශය මගින් නිවේදනය කර තිබිණි.
 
ඒ අනුව මෙවර දිනූ රිදී පදක්‌කම සහ ලෝකඩ පදක්‌කම් පහ වෙනුවෙන් රුපියල් එක්‌කෝටි අනූ ලක්‌ෂයක මුදලක්‌ අදාළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරේ බෙදී යනු ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ආ විස්වාසභංගයට පක්ෂව ඡන්දය ලබා දීමෙන් පසු නිසා දයාසිරි ජයසේකර සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස් වුනි. එම නිසා නව ක්‍රිඩා ආමාත්‍යධූරය ෆයිසර් මුස්තාෆාට හිමිවිය.

වැඩිදුර අදහස් දක්වමින් අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා
 
" නව ක්‍රීඩා ව්‍යවස්‌ථාවේ දැන් තියෙන්නේ අවසාන කොටස කරන්න. නමුත් මං ගත්ත සමහරක්‌ තීරණ නිසා මට ඒවා අවසන් වෙනකම් මේ තනතුරේ ඉන්න අවස්‌ථාවක්‌ නෑ. ඒත් මං විශ්වාස කරනවා නව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්‌තාපාගේ කාලය තුළදී ඒවා සම්පූර්ණයෙන්ම අවසන් කරන්න ලැබෙයි කියලා " පවසා සිටියේය.
 
 තමන් මේ වාඩි වී සිටින්නේ තාවකාලික පුටුවක වුවත්, තමාගෙන් සිදුවිය යුතු සේවය අපක්‌ෂපාතීව සිදුකරන බවත් පවසන නව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්‌තාපා  "රටේ සහජීවනය ඇති කරන්න තියෙන හොඳම ආයුධයක්‌ තමයි ක්‍රීඩාව කියන්නේ. ඒ නිසා රටේ තියෙන වැදගත්ම අමාත්‍යාංශවලින් එකක්‌ මේ ක්‍රීඩා අමාත්‍යංශය " යනුවෙන් පැවසුවේය. 


(under the courtesy of nethnews.lk news web)

More News »