‘සාකච්ඡා ඇරඹෙයි,ඩබල් ගේම් එපා‘ - ආණ්ඩුවෙන් ගිය ශ්‍රිලනිප මන්ත්‍රීලා 16න් නැවත ආණ්ඩුවට එක්වෙන්න සූදානම් ප්‍රබලයන් තිදෙනා මෙන්න

2018-04-20 09:23:00       251
feature-top

පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එන ලැබූ විශ්වාසභංගයේදී ඊට පක්ෂව ඡන්දය භාවිතා කරමින් ,ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අමාත්‍යවරුන් 16 දෙනා අතරින් තිදෙනෙකු නැවත ආණ්ඩුවට එකතු වීම සඳහා සාකච්ඡා සිදු කරමින් පවතින බවට  දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජාතික ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර හෙබවූ අදාළ මන්ත්‍රීන් තිදෙනාගෙන් දෙදෙනෙකු විවිධ අවස්ථාවලදී සිය පක්ෂ මාරු කරන ලැබූ අය වන අතර, ආණ්ඩු පක්ෂය නියෝජනය කරනු ලබන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෙකු හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපතිවරයාගේ පාර්ශ්වය නියෝජනය කරනු ලබන ප්‍රබලයෙකු සමගඔවුන් මේ වනවිට සාකච්ඡා සිදු කරමින් සිටින බවද සඳහන් වේ.

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම සිය මන්ත්‍රීන් 16 දෙනා විසින් ගන්නා ලද වැරදි තීරණයක් වන බවත්, එසේම මහ මැතිවරණයක් නැවත පැවැත්වෙනුයේ වර්ෂ 2020දී වන බැවින් එතෙක් ජනතාවට සේවය කිරීම අමාත්‍ය ධුරයක් නොමැතිව විපක්ෂයේ මන්ත්‍රී ධුරයක් හෙබවීමෙන් සිදු කළ නොහැකි බවත් අදාළ මන්ත්‍රීන් තිදෙනා එම සාකච්ඡාවලදී පෙන්වා දී ඇති බවද පැවසේ.

ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ කැමති අයෙකුට නැවත පැමිණිය හැකි නමුත්, පැමිණෙන්නා ඩබල් ගේම්කරුවෙකු හෝ සිතෙහි එකක් තබා ක්‍රියාවෙන් තවත් දෙයක් කරනු ලබන්නෙකු නොවිය යුතු බවත්, එසේම ඔහු විසින් පක්ෂය හා ආණ්ඩුව පිළිබඳ වූ පවිත්‍රතාව පෙන්විය යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන් දෙදෙනා විසින් මන්ත්‍රීන් තිදෙනාට පවසා ඇති බවයි.


(under the courtesy of nethgossip.lk news web)

More News »