php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

මුලතිව් මුහුදේ අත්භූත වෙනස සොයන්න ඇමරිකාව එයි - Tharunaya.us

මුලතිව් මුහුදේ අත්භූත වෙනස සොයන්න ඇමරිකාව එයි

2018-04-11 09:01:00       1045
feature-top
මුලතිව් මහුදේ නිතරම සිදුවන බව කියන වෙනස්‌කම් ගැන අධ්‍යයනය කොට පරීක්‌ෂණයක්‌ පැවැත්වීම සඳහා ඇමරිකානු විශේෂඥයෝ පිරිසක්‌ මේ දිනවල මුලතිව් ප්‍රදේශයට පැමිණ සිටිති.
 
 මීට මාස හයකට ඉහත සිට අවස්‌ථා ගණනාවකදීම මුලතිව් මුහුදේ ස්‌වභාවය වෙනස්‌ බව ද එහි ජල මට්‌ටම අඩි පහකින් පමණ ඉහළ ගොස්‌ ඇති බවද ප්‍රදේශවාසීහු පැවසූහ.
 
 තවත් වරක මුහුද ඉතා රළුවී එහි ජලය කාල වර්ණයෙන් යුක්‌ත බව කියමින් සුනාමියක්‌ එනු ඇතැයි බියෙන් දේව කන්නලව්වක්‌ද මුලතිව් මුහුදු වෙරළේදී පවත්වන ලදී. එක්‌ දිනකදී මුහුද ගොඩට ගලාගෙන එන බව පවසා මුලතිව් වැසියෝ නගරයේ වෙළෙඳසැල්ද වසා දමා ආරක්‌ෂිත ස්‌ථානවලට ගියහ.
 
 මේ සෑම අවස්‌ථාවකදීම මුලතිව් ආපදා කළමනාකරණ කාර්යාලයේ නිලධාරී ගාමිණී ප්‍රියන්ත මහතා මුහුදේ තත්ත්වය සියලුදෙනාටම වාර්තා කිරීමට කටයුතු කළේය.
 
 යාපනය විශ්වවිද්‍යාලයේ භූගෝල අංශයේ පිරිසක්‌ද කොළඹින් තවත් කණ්‌ඩායම් කීපයක්‌ද මුලතිව් ප්‍රදේශයට පැමිණ මේ සම්බන්ධයෙන් පරීක්‌ෂණ පැවැත්වූහ. නමුත් විශේෂයෙන් යමක්‌ වාර්තා කිරීමට නොහැකි වුණි.
 
 මේ තොරතුරු දැනුම්දීමෙන් පසුව ඇමරිකාවේ පරිසර හා භූගෝලීය වෙනස්‌කම් පිළිබඳව පර්යේෂණ කරනු ලබන ආයතනයක විශේෂඥයින් පිරිසක්‌ යාපනය විශ්වවිද්‍යාලයේ ආරාධනයක්‌ මත මේ දිනවල මුලතිව් ප්‍රදේශයට පැමිණ සිටිති.
 
 ඇමරිකානු විශේෂඥයින් පිරිස මුලතිව් අතිරේක දිසාපති කේ. තනපාලසුන්දරම්, ආපදා කළමනාකරණ නිලධාරි ගාමිණී ප්‍රියන්ත යන මහත්වරුන් සමග මුලතිව් මුහුදු කලාපයට ගොස්‌ මූලික පර්යේෂණ කටයුතු ආරම්භ කොට තිබේ.
(under the courtesy of nethgossip.lk news web)

More News »