php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

"වනමි" ඉස්සන් සම්බන්ධයෙන් එකඟතාවක් - Tharunaya.us

"වනමි" ඉස්සන් සම්බන්ධයෙන් එකඟතාවක්

2018-04-11 08:59:00       1046
feature-top
ලෙඩ රෝග බෝවන බව පැවසෙන නීතිවිරෝධිව මෙරටට ගෙන්වා ඇති ඉස්සන්ගේ ගැටළුව විසදීම සඳහා මැදිහත්වී කටයුතු කිරීමට වයඹ පළාත් ධීවර අමාත්‍යංශය එකඟතාවකට පැමිණ තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකා ජලජීවි වගා සංවර්ධන ඒකකයේ නිලධාරින් හා වයඹ පළාත් ධීවර අමාත්‍ය සුමල් තිසේරා අතර පැවති හමුවකින් අනතුරුවයි. නීති විරෝධීව මෙරටට ගෙන්වා ඇති "වනමි" නමැති මෙම ඉස්සන් බොහෝවිට බෝ කිරීම සිදුවන්නේ පුත්තලම ඇතුළු වයඹ පළාතේ බවයි පැවසෙන්නේ.

මෙම ඉස්සන් බෝ කිරීම හරහා මෙරට දැනට ක්‍රියාත්මක ඉස්සන් කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වන බව කර්මාන්තයේ නිරත පිරිස් දිගින් දිගටම අවධාරණය කරනවා. වර්තමානයේ උද්ගතව ඇති ගැටළුව සම්බන්ධයෙන් වයඹ පළාත් ධීවර අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී එකඟ වූ කරුණු මොනවාදැයි ශ්‍රී ලංකා ජලජීවි වගා සංවර්ධන ඒකකයේ උපලේකම් නිමල් පතිරණගෙන් නෙත් නිවුස් විමසීමක් කළා.

ලෙඩ රෝග ව්‍යාප්තවන බවට පැවසෙන මෙම ඉස්සන් විශේෂය සම්බන්ධයෙන් නෙත් නිවුස් නාරා ආයතනයෙන්ද විමසීමක් කළා. එම ආයතනයේ සභාපති ආචාර්ය අනිල් ප්‍රේමරන්ත සඳහන් කළේ මෙම ඉස්සන් වගා කිරීමෙන් ගැටළු රැසක් ඇති විය හැකි බවයි.

කෙසේ වෙතත් ආනයනය කිරීම තහනම් කරන ලෙස ඉල්ලා සිටි "වනමි" නමැති මව් ඉස්සන් තොගයක් ඉකුත් සති අන්තයේ මෙරටට ගෙනවිත් ඇති බව පුත්තලම දිස්ත්‍රික් ඉස්සන් වගාකරුවන්ගේ සංවර්ධන සන්ධානය ප්‍රකාශ කළා. කිසිදු නිරෝධායන කටයුත්තකින් තොරව ගෙනඑන මෙම මව් ඉස්සන් තොගය වෙන්නප්පුව නයිනමඩම ප්‍රදේශයේදී පැටවුන් බිහි කිරීම සඳහා යෙදවීමට කටයුතු යොදා ඇති බවයි ඔවුන් කියා සිටියේ.

(under the courtesy of nethnews.lk news web)

More News »