සිරියාවේ රසායනික ප‍්‍රහාරයෙන් මියගිය ගණන 70 ක් බවට තොරතුරු

2018-04-08 10:27:00       537
feature-top
සිරියානු කැරළිකරුවන් භාරයේ පවතින අවසන් බලකොටුව වන නැගෙනහිර ගුටා ප‍්‍රදේශය වෙත එල්ල වූ විෂ රසායනික ප‍්‍රහාරයෙන් පුද්ගලයින් 70 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

ප‍්‍රහාරයෙන් එකසිය පනස් දෙනෙකු මියගිය බවට නිකුත් කර තිබූ ට්විටර් පණිවිඩය පසුව මකා දමා ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය පිළිබද ස්වාධින තහවුරු කිරීමක් මෙතෙක් ලැබී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන්. රුසියාවේ සහාය ලබන සිරියානු රජයේ හමුදා මෙම රසායනික ප‍්‍රහාරය එල්ල කළ බවටයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව චෝදනා කර ඇත්තේ.

(under the courtesy of nethnews.lk news web)

More News »