පොළී මුදලාලි නීති විරෝධී නැහැ - ජ්‍යෙ.නි. මහ බැංකු අධිපති කියයි
2018-04-05 09:56:00  ★ 274

තමන් සතු මුදල් තවත් අයෙකුට ණයට ලබා දීම නීති විරෝධී කටයුත්තක් නොවන බවත්, එවැනි කටයුතු නියාමනය සඳහා කිසිදු නීතියක් නොමැති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය.
මේ වන විට දිවයින පුරා ව්‍යාප්තව ඇති ණය ලබා දීමට පමණක් ස්ථාපිත කර තිබෙන සමාගම් සහ අන්තර්ජාලය හරහා ණය ලබා දෙන ආයතන සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය කුමක්දැයි, අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරයා මෙසේ කියා සිටියේය.
“ගමේ පොළී මුදලාලි, ඒකට නීතියක් නැහැ. ඒක පාලනය කරන්න, නීති විරෝධී වැඩකුත් නෙමෙයි. සියයට 30 ට 40 ට පොළියට ගන්නවාද කියන එක ගන්න කෙනාගේ තේරීමක්. ඒක නියාමනය කරන්න නීතියක් නැහැ. නමුත් ඔහු වෙන කෙනෙකුගේ මුදල් අරං ණයට දෙනවා නම් එතන ප්‍රශ්න තියෙනවා. ජනතාවගේ මුදල් අරගෙන වැරදි විදියට පාවිච්චි කරනවා නම් ඒක කුමන හෝ නියාමනයකට එන්න ඕනේ.“
“ඇමරිකාවේ වුණත් මේ වගේ ණය දෙන ගොඩාක් වෙබ් සයිට්ස් තියෙනවා. ඒක නියාමනය කරන කර්මාන්තයක් නෙමෙයි. එතන දී ණය දෙන කෙනා ලොකු අවදානමක් අරගෙන තමයි ණය දෙන්නේ. තමන්ගේ මුදලින් ණය දෙන එක විතරක් කිරීම, නියාමනය කරන කර්මාන්තයක් නෙමෙයි.“
මෙහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ සම්පූර්ණ අදහස් දැක්වීම පහතින් නැරඹිය හැකිය. (under the courtesy of adaderana.lk news web)

එළවළු හා පලතුරු වගා කරන්න වවුනියාව ගොවීගේ විශාල උනන්දුවක්
2018-04-19 09:06:00රටේ බලය පොහොට්ටුව අල්ලන බව බැසිල් කියයි
2018-04-19 08:09:00හොරණ රබර් කර්මාන්ත ශාලාවේ කළමණාකරු අත්අඩංගුවට
2018-04-19 07:20:00එජාපයේ තනතුරු වෙනස ගැන තීන්දුව අද !
2018-04-19 05:21:00ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සන්නිවේදන මෙවලම ඉංග්‍රීසි භාෂාවයි
2018-04-19 05:10:00සුරක්ෂා සිසු රක්ෂණාවරණයේ ප්රතිලාභ පුළුල් වෙයි
2018-04-19 05:04:00යාපනයේ නිදහස් කළ ඉඩමක තිබී බෝම්බ තොගයක් හමුවෙයි
2018-04-19 04:44:00මැයි 1 නිවාඩුව අවලංගුයි-මැයි 7 රජයේ හා බැංකු නිවාඩු දිනයක් වෙයි
2018-04-19 04:41:00බැඳුම්කරයට රටම හොයන අර්ජුන් මහේන්ද්‍රන් නිදහසේ සිංගප්පුරූවේ ? ඡායාරූප මෙන්න .!
2018-04-19 04:24:00තෙල් මිල ගැන තීරණය ගන්නේ අගමැති හා ජනාධිපති
2018-04-19 04:04:00පාපන්දු ලොක්කෙක් අත්අඩංගුවට !
2018-04-19 03:40:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com