අධිකරණ තීරණයකට එරෙහි විරෝධතාවලින් හත් දෙනෙකු මරුට

2018-04-03 10:18:00       272
feature-top
ඉන්දියාවේ පහත් කුලයක් ලෙස සැලකෙන දාලිත් කුලයේ ප්‍රජාව රට පුරා සිදුකරන උද්ඝෝෂණ අතර තුර දී පුද්ගලයන් හත් දෙනෙකු මියගොස් තිබේ.

 පහත් කුල වල ප්‍රජාව සම්බන්ධයෙන් එරට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණයකට එරෙහිව එම කුලයන්හි ප්‍රජාව සිය විරෝධය පල කර ඇත.

ඉන්දීය වාර්තා පවසන්නේ මේ හේතුවෙන් ප්‍රධාන මාර්ග අවහිර වී ඇති අතර දුම්රිය සේවාවන් ද අඩාල වී ඇති බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය වෙනස් කරන ලෙසට ප්‍රන්ත රජයන් ද ඉල්ලීමක් කර ඇත.

පහත් කුලවල ප්‍රජාව පාලනය කිරීම සම්බන්ධයෙන් වන නීතියක් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීරණය විරෝධයට හේතු වී තිබේ.

(under the courtesy of adaderana.lk news web)

More News »