සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකත්වයට කේන් විලියම්සන්

2018-03-29 02:45:00       159
feature-top
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකත්වය සඳහා නවසීලන්ත කණ්ඩායම් නායක කේන් විලියම්සන් පත් කර තිබේ.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකත්වයට පත් කර තිබූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ඩේවිඩ් වෝනර් පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්වීම හේතුවෙන්  මෙවර අයි.පී.එල් තරඟාවලියට සහභාගී වන්නේ නැති බව වාර්තාවෙයි.

ඒ අනුව කේන් විලියම්සන් මෙවර අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකත්වයට පත් කර ඇත.

පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්වූ ඩේවිඩ් වෝනර් හට වසරක තරඟ තහනමක් පනවා තිබේ.
(under the courtesy of adaderana.lk news web)

More News »