දරුවන් සමග නිදා සිටි තරුණ මවක් සමූහ දූෂණයකට ලක් වෙයි

2018-03-22 03:10:00       620
feature-top
තිස් හැවිරිදි දෙදරු මවක් ඊයේ (21) රාත්‍රියේ සමූහ දූෂණයට ලක් කළ බව කියන සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසනවා.

ගිරාදුරුකෝට්ට , ගින්නෝරුව ප්‍රදේශයේදී නිවසකදී මෙම අපරාධය සිදුව තිබෙනවා.

ඇයගේ සැමියා මහියංගනයේ රෝහලක සේවය කරන අතර ඇය අවුරුදු 6 සහ 2 වියේ පසුවන දරුවන් දෙදෙනා සමග  සිය නිවසේ නිදාගෙන සිටියදී මැදියම් රැයේ මෙම කාමාතුරයන් ගෙට ඇතුළු වී තිබෙනවා.

අඩක් නිම කල නිවසේ ජනේලයකින් සැකකරුවන් නිවසට ඇතුල්වී ඇති අතර එම අවස්ථාවේදී ඇය සිය දරුවන් සමග කෑ ගසා තිබෙනවා.

එවිට සැකකරුවන් පිහියක් පෙන්වා තමා බිය ගැන්වූ බවත්  දරුවන් නිදිකරවා  නිවසින් එළියට පැමිණෙන්නැයි තර්ජණය කළ බවත් ඇය පොලිසියට සඳහන් කර තිබෙනවා.

පසුව සැකකරුවන් තිදෙනාම තමාව දූෂණය කළ බවද ඇය ලබාදුන් පොලිස් කටඋත්තරයේ සඳහන්.

මෙම කාන්තාව මහියංගනය මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර සැකකරුවන් තිදෙනාම මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවනවා.

ඔවුන් වයස 24, 21,19 යන වයස් කාණ්ඩවලට අයත් එම ප්‍රද්ශයේම පදිංචිකරුවන් බවත් පොලිසිය සඳහන් කරනවා.




(under the courtesy of nethnews.lk news web)

More News »