අගමැතිට එරෙහි විශ්වාසභංගයට ඇමති බදියුදින්ගේ සහාය ලබා ගැනීමේ සූදානමක්

2018-03-20 04:57:00       538
feature-top
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට ප්‍රමාණවත් අත්සන් නොලැබෙන්නේ නම් ඒ සඳහා අමාත්‍ය රිෂාඩ් බදියුදීන් නායකත්වය දරණ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහාය හිමිවනු ඇතැයි දේශපාලන ආරංචි පවසනවා.

මේ වනවිට පාර්ලිමේන්තුව නියෝජනය කරන එම පක‍ෂයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 5 ක්. මේ වනවිට මෙම විශ්වාසභංග යෝජනාව සඳහා ඒකාබද්ධ විපක‍්ෂයේ  51 දෙනෙකු අත්සන් තබා තිබෙනවා.

විශ්වාසභංග යෝජනාව සඳහා එක්සත් ජාතික පක‍ෂයේ මන්ත්‍රීවරුන් විසි දෙනෙකු පමණ සහාය දක්වනු ඇති බවයි වාර්තා වන්නේ.

මෙම මන්ත්‍රීවරු විශ්වාසභංග යෝජනාවට අත්සන් නොකර ඒ පිළිබද ඡන්ද විමසීමකදී අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට එකඟ  වී ඇතැයිද දේශපාලන ආරංචි කියා සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක‍ෂයේ ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායමේ සිටින මන්ත්‍රීවරුන් 41 ගෙන් 34 දෙනෙකුද මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීමට සූදානමින් සිටින බවද වාර්තා වාර්තා වනවා.

මෙම සතිය ඇතුළත විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට භාරදීමට කටයුතු

(under the courtesy of nethnews.lk news web)

More News »