ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න රජය බැඳී සිටිනවා

2018-03-17 07:07:00       137
feature-top
මෙරට  සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව සහ සුරක්ෂිත භාවය තහවුරු කිරිමට රජය නිරන්තරයෙන් බැදී සිටින බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය සඳහන් කළේ කිසියම් හෝ ආකාරයකින් මහජනතාවට එරෙහිව සිදු කරනු ලබන ක්‍රියා සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරිමෙන් අනතුරුව පවතින නීති රාමුව තුළ ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනිමට කටයුතු කරන බවයි.

නිවේදනයක් නිකුත් කරමින් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය මේ බව සදහන් කළේය.

කිසියම් පුද්ගලයෙකු හෝ කිසියම් කණ්ඩායමක් විසින් වෙනත් පාර්ශවයකට හිරිහැරවන ආකාරයෙන් හැසිරෙන්නේ නම් ජාතික පොලිස් කොමිසම, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, ශ්‍රී  ලංකා පොලිසියේ විශේෂ පරික්ෂණ ඒකකයට හෝ පොලිස් මාර්ගගත පැමිණි ඒකකය සඳහා පැමිණිලි කිරිමට හැකියාව පවතින බව එම අමාත්‍යශය සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

More News »