වල්ලපට්ටා ගෙනියන්න හදපු අයෙක් ගුවන් තොටුපලේදී අත්අඩංගුවට

2018-03-17 04:53:00       627
feature-top
නීති විරෝධි ලෙස වල්ලපට්ටා තොඟයක් ඩුබායි බලා රැගෙන යාමට උත්සහ කළ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපල රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ රාත්‍රී 06.35ට ඩුබායි බලා පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යූ.එල් 225 දරණ ගුවන් යානයෙන් ඔහු ඩුබායි බලා යාමට පැමිණ ඇති බව වාර්තා වේ.

එහිදී ඔහුගේ ගමන්  මල්ලේ තිබී  රුපියල් ලක්ෂ දහ හතර පමණ වටිනා වල්ලපට්ටා කිලෝගෑම් 25යි ගෑම් 400ක් තිබී රේගුව විසින් සොයාගෙන තිබේ.

සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචි 38හැවිරිදි පුද්ගලයෙකු බව සඳහන්ය.

රේගු භාරයට ගත් වල්ලපට්ටා තොඟය රාජසන්තක කර ඇති අතර සැකකරුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කර ඇති බව වාර්තා වේ.

ගුවන්තොටුපල රේගුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

(under the courtesy of adaderana.lk news web)

More News »