සීෂෙල්ස් හා ශ්‍රී ලංකාව අතර ධීවර කර්මාන්තයේ දියුණුවට සාකච්ඡාවක්

2018-03-14 03:48:00       595
feature-top
සීෂෙල්ස් හි ධීවර කර්මාන්තයට සෘජුව බලපා ඇති අයිස් කර්මාන්තය දියුණු කිරීම සදහා ශ්‍රී ලංකාවේ කාර්මිකයින්ගේ සහාය ලබාගැනීමට සීෂෙල්ස් මහා කොමසාරිස් Conrad Mederic මහතා සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අතර සාකච්ඡාවක් සිදු විය.

මේ පිළිබදව කඩිනමින් කටයුතු කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සීෂෙල්ස් මහ කොමසාරිස්වරයාට දැනුම් දුන්නේය .

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, මේ පිළිබදව නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් සමඟ සාකච්ජා කර සීෂෙල්ස් හි ධීවර කර්මාන්තයට අත්‍යාවශ්‍ය අයිස් නිෂ්පාදනය සහ අයිස් කර්මාන්ත ශාලා මෙන්ම යන්ත්‍ර නඩත්තුව පිළිබද පුහුණුවක් සහිත කාර්මිකයින්ගේ සේවය ලබාදීමට කඩිනමින් කටයුතු කරන බව ය.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ දී අද (14 ) මෙම සාකච්ඡාව සිදු විය.

 

(under the courtesy of news.lk news web)

More News »