කොළඹ වරාය දියුණු කරන්න ප්‍රධාන පර්යන්ත තුන එකට එක්වෙයි

2018-03-14 01:41:00       542
feature-top
ලෝකයේ වරාය වර්ගීකරණයේදී 23 වන ස්ථානය ලබාගෙන ඇති කොළඹ වරාය තවදුරටත් සංවර්ධනය කිරීමේ අරමුණින් කොළඹ වරාය තුළ ක්‍රියාත්මක වන ප්‍ර‍ධාන පර්යන්ත ත්‍රිත්වය, එක්ව ක්‍රියාකිරීමේ සාමුහික ගිවිසුම් ගතවීමක් අද (14) වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් සිදුකෙරිණ.

ඒ අනුව ජය බහලු පර්යන්තය, සී.අයි.සී.ටී සහ එස්.ඒ.ජී.ටී යන පර්යන්ත මෙම ගිවිසුමට එළඹි අතර ඉදිරියේදී කිසිඳු ප්‍ර‍මාදයකින් තොරව බහලු මෙහෙයුම සඳහා පාර්ශ්ව තුනෙහි පර්යන්ත සාමුහිකව ක්‍රියා කරමින් කොළඹ වරායේ අනාගත ඉලක්ක ගත සංවර්ධනය සඳහා අවශ්‍ය ප්‍ර‍මුඛ තීරණයට එළඹි බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට වරාය හා නාවික අමාත්‍යංශයේ ලේකම් එල්.පී. ජයම්පති, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍ර‍ම දිසානායක, ජය බහලුම් පර්යන්ත මෙහෙයුම් අධ්‍යක්ෂ ජයන්ත පෙරේරා, සී.අයි.සී.ටී පර්යන්තයේ වාණිජ මෙහෙයුම් සාමාන්‍යාධිකාරී කැප්රියෝනා ජයසුන්දර, එස්.ඒ.ජී.ටී මෙහෙයුම් අධ්‍යක්ෂ උපාලි ජිනදාස යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍ර‍ධාන පෙළේ නැව් නියෝජිත ආයතනයන්හි ප්‍ර‍ධානීන් රැසක් සහභාගී විය.

(under the courtesy of adaderana.lk news web)

More News »