යළි නැඟෙන කුණු ප්‍රශ්නෙ කුණු වුණොත් ඉවරයි

2018-03-14 11:59:00       224
feature-top
සතියක පමණ කාලයක සිට කොළඹ නගරයේ මාලිගාකන්ද, මරදාන, දෙමටගොඩ ආදී ප්‍රදේශ රැසක කසල ගොඩගැසී ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි.
කොළඹ මහනගර සභාව කසල එක්රැස් කිරීම සඳහා නොපැමිණීම හේතුවෙන් තමන් මෙම ගැටලුව පැන නැඟී ඇත.

මේ පිළිබඳව කොළඹ මහනගර සභාවේ වැඩබලන නාගරික කොමසාරිස් ලලිත් වික්‍රමරත්නගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ කසල වර්ගීකරණය නොකිරීමෙන් මෙම ගැටලුව උද්ගතව ඇති බවයි.

කෙසේ වෙතත් කසල වර්ගීකරණය කළ ද මහනගර සභාවේ සේවකයින් ඒවා රැගෙන යාමට නොපැමිණෙන බවට ජනතාව චෝදනා කරයි. තවද වර්ග කළ කසලවලින් එක් වර්ගයක් පමණක් රැගෙන ගොස් අනෙක් වර්ගය ගෙනයාමට සති ගණන් කල් ගැනීම නිසාද මෙම තත්ත්වය බරපතල වී ඇති බව ඔවුන් පවසයි.

මේ අතර යාපනයේ පොදු වෙළෙඳසැල ඉදිරිපිට පිහිටුවා ඇති කසළ එකතු කරන මධ්‍යස්ථානය අසළට පැමිණ සිටින ''මුරුතානම්'' නම් තරුණයෙකු ස්වෙච්ඡාවෙන් කසළ කළමනාකරණය කිරීමේ යෙදී සිටින බව වාර්තාවේ.

 යාපනය මහනගර සභාව විසින් සපයා ඇති විශාල ප්‍රමාණයේ කසළ බදුන්වලට ඒ ඒ වර්ගයේ කසළ වෙන් වෙන් වශයෙන් දැමිය යුතු නමුත් ජනතාව එය මඟ හැර තිබේ.

මෙම පුද්ගලයා කිසිවෙකුටත් ඉවක් බවක් නොමැතිව කසළ බැහැර කිරීමට ඉඩ නොතබයි.

මොහු කසල බැහැර කිරීමට පැමිණෙන්නන්ට උදව් කරන අතර එසේ නොකරන උදවියගේ කසළ ඔහුම වෙන්කරයි.

ඔහු මේ කරන සේවාව අගයන යාපනයේ ජනතාව ඔහුට ආහාර පානවලින් සංග්‍රහ කරන අතර මුදල් ආධාර ලබාදෙන පිරිස්ද දැකිය හැකි බව පැවසේ.

 ''මුරුතානම්'' තරුණයා ස්වෙච්ඡාවෙන් කසළ කළමනාකරණය කරමින් සිටින අයුරු

(under the courtesy of srilankamirror.lk news web)

More News »