හදිසි නීතිය දික්ගැස්සෙයි

2018-03-14 10:24:00       541
feature-top
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිල සංචාරයක් සඳහා ජපානයට ගොස් සිටින බැවින් හදිසි නීති ඉවත් කිරීම කල් දමා ඇති බව ජනාධිපති ‍ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පවසයි.
හදිසි නීතිය පැනවීම ශ්‍රී ලංකාවේ වේලාවෙන් මෙරට ගැසට් නිවේදනයකින් මෙරටදී අත්සන් කළ නිසා අවලංගු කිරීම සඳහා වන ගැසට් නිවේදනයද මෙරටදී කළ යුතු බව ඒ මහතා කීය.

හදිසි නීතිය අවලංගු කිරීමේ ගැසට් නිවේදනය අද (14) නිකුත් කිරීමට නියමිතව තිබිණි.

මේ වන විට රට සාමකාමී තත්ත්වයක පවතින බව සඳහන් කළ ඔස්ටින් ප්‍රනාන්දු මහතා , ජනාධිපතිවරයා යළි දිවයිනට පැමිණි පසු 18 දා අවලංගු කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කරන බව සඳහන් කළේය.

පසුගිය සතියේ රටේ ඇතිවූ කලහකාරී තත්ත්වය පාලනය කිරීමට ඉකුත් 6 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රට තුළ සතියක පමණ කාලයකට හදිසි නීතිය ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව නැවත ජනාධිපතිවරයා පැමිණ එය අවලංගු කරන තෙක් හදිසි නීතය බල පැවැත්වේ.
(under the courtesy of srilankamirror.lk news web)

More News »