ජනගහනය සම්බන්ධයෙන් වූ තොරතුරු රැස් කිරීම මේ වසරේ සිට වසර 2කට වරක්

2018-03-14 10:03:00       542
feature-top
‍මෙරට ජනගහනය සම්බන්ධයෙන් වූ තොරතුරු රැස් කිරීම මෙම වසරේ සිට වසර දෙකකට වරක් සිදුකිරීමට අපේක්ෂා කරන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

සාමාන්‍යයෙන් ජන හා නිවාස සංගණනයක් වසර දහයකට වරක් පවත්වන අතර මීළඟ සංගණනය 2021 වර්ෂයේදී පැවැත්වීමට නියමිතව තිබූ බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අතර කාලයේදී දෙපාර්තමේන්තුවට යාවත්කාලීන තොරතුරු රැසක් අවශ්‍ය වන බැවින් වසර දෙකකට වරක් අදාළ සංගණනය සිදුකිරීමට නියමිත බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ජනගහණය, නිවාස ඒකක, ගොඩනැගිලි ප්‍රමාණය, නිවාසවල වෙසෙන පුද්ගලයින් සංඛ්‍යාව, ඇතුළු තොරතුරු මෙම සංගණනයේදී රැස් කිරීමට අපේක්ෂා කරන බව සඳහන්ය.

කෙටි කාලයක් තුළ ජන හා සංඛ්‍යා ලේඛන යාවත්කාලීන කිරීම ආපදා කළමනාකරණ ක්‍රියාවලිය සඳහා ද වැදගත් වන බැවින් දෙවසරකට වරක් මෙම සංගණනය සිදුකිරීමට අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

(under the courtesy of adaderana.lk news web)

More News »