දැන් ලෝකයේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝනික යුද්ධයක්

2018-03-13 04:43:00       204
feature-top
ලොකේ පවතින්නේ ඉලෙක්ට්‍රෝනික යුද්ධයක් බවත්  එයට ගැලපෙන අකාරයට රට තුළ නීති ස්තාපිත කළයුතු බවත් මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අද(13) පැවති ජාතික හෙළ උරුමයේ මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

අන්තර්ජාලය  නොමැතිව රට තුළ කිසිදු ඉදිරි ගමනක් නොමැති බවත් ලෝකය රැදී පවතින්නේ අන්තර්ජාලය මත බවත් අමාත්‍ය වරයා මෙහිදී පැවසීය.

තවද පසුගිය කාලයේ පැවති බොහෝ මැතිවරණවලදී  සමාජ ජාල මාධ්‍ය මඟින් දැඩි බැලපෑමක් එල්ලවු බවත් මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගන්නේනම් ආණ්ඩුවට ඉදිරි ගමනක් නොමැති බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය වරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය වරයා

"විදුලි සංදේශන කොමිෂන් සභාව මගින් ගැටුම්කාරී අවස්ථාවේදී ගත් පියවර ගැන අපි එකඟ වන බවත්, මෙවැනි තත්ත්වයන් බටහිර රටවල පවා ඇතිවන අතර, වෙනත් රටවල එස්.එම්.එස්. පණිවුඩ පවා අවහිර කිරීමට එම රජයන් කටයුතු කරන ඇති බවත්, විශේෂයෙන් ගැටුමක් ඇතිවූ අවස්ථාවේ ඇඳිරි නීතිය පැනවීමෙන් ගැටුම්වලට සම්බන්ධ නැති 99%ක්ම අපහසුතාවයට පත්වන අතර, ඒ අනුව සමාජ ජාලා මාධ්‍ය තුළත් සමාජ ජාලා මාධ්‍ය අවභාවිතා නොකළ පිරිස්වලටත් මෙමම අපහසුතාවය බලපා තිබෙන නමුත්, ගැටුම් සමථය කිරීමට එවැනි ක‍්‍රියාමාර්ග කිරීමට රජයන්ට සිදුවන බව අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

මේ වන විට පවතින ගැටුම් තත්ත්වයන් අවසන් වී තිබෙන අතර ඒ පිළිබඳ පශ්චාත් ක‍්‍රියාවලිය ශක්තිමත් කරන අතරේ සමාජ වෙබ් අඩවි ජාලා වෙත පනවා තිබෙන බාධක ඉවත් කරන ලෙස මේ මොහොතේ අමාත්‍යවරයා ඉල්ලා සිටියි.

ඒ වගේම, මේ සම්බන්ධයෙන් පියවර ගණනාවක් ගන්නා ලෙස අපි යෝජනා කර සිටින අතර, පළමුවෙන්ම නම් මෙම ගැටුම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස්  පිළිබඳ වහාම පියවර ගෙන මෙම පිරිස් සම්බන්ධ දේශපාලන පක්‍ෂ, සංවිධාන පිළිබඳ චෝදනා තිබෙනවා නම් ඒ පිළිබඳ වහාම රටට හෙළිකළ යුතුය.

ඒ පිළිබඳ විවිධ මාධ්‍යන් අසත්‍ය ප‍්‍රචාරයන් පතුරවමින් තව තවත් මේ ප‍්‍රශ්නය සංකීර්ණ කිරීමට ව්‍යාජ තොරතුරු භාවිතා කරමින් සිටින අතර, පොලීසියට වගකීමක් තිබෙනවා තමන් මෙතෙක් සොයාගත් තොරතුරුවලින් ජනතාවට සත්‍යය හෙළි කිරීමට, මෙම තත්ත්වය තවත් යට නොගසමින් ඇසින් දුටු සාක්‍ෂි, තාක්‍ෂණික මෙවලම් භාවිතා කරමින් ලබාගත් සාක්‍ෂි උපයෝගී කරගනිමින් දැඩි ද`ඩුවම් ලබාදිය යුතු බව අමාත්‍යවරයා සඳහන් පවසයි.

වර්තමානයේ බොහෝ පිරිසකට නවීන තාක්‍ෂණය පිළිබඳ පැහැදිලි අවබෝධයක් නොමැත අතර මීට දශකයකට පෙර අපි කිසිවෙක් නොසිතූ පරිදි තාක්‍ෂණයේ නව තත්ත්වයවක් ඇතිවී ඇත.

අද වර්තමානයේ ව්‍යාපාර සියල්ලම පාහේ අන්තර්ජාලය පදනම් කරමින් කටයුතු කරන අතර ලෝකයේ විශාලම හෝටල් කාමර වෙන්කර ගැනීමේ ක‍්‍රියාවලිය, විශාලම ටැක්සි සමාගම, භාණ්ඩ අලෙවි කිරීමේ සමාගම් සියල්ලම පවතින්නේද, අන්තර්ජාලය හේතුවෙවන්ය.

නව කාර්මික විප්ලවයේ නව පදනමත් සමග භාණ්ඩ නිපදවීම සිදුකරන්නේ ද අන්රත්ජාලය හරහාය අද කර්මාන්ත ශාලා වෙනුවට ගෘහ ආශ‍්‍රිතව භාණ්ඩ නිෂ්පදනය කරමින් එම භාණ්ඩ අලෙවි කිරීම් අන්තර්ජාලය හරහා සිදු කරයි.

ඒ වගේම අපේ රටේ අඩුවෙන් සිදු වුණාට ලෝකයේ විශාල වශයෙන් මූල්‍යමය කටයුතු සිදුකරන්නේ අන්තර්ජාලය හරහා බවත්, සමාජයීය ගනුදෙනු, අධ්‍යාපනය පැත්තෙන් සිදුවන දැනුම බෙදා දීමේ ක‍්‍රියාවලිය ද, අන්තර්ජාලය හරහා වැඩි වශයෙන් සිදුවන බව අමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දී තිබේ.

මෙරටත්, අන්තර්ජාතිකවත් සාමාන්‍ය ජනතාව සමාජ ජාලා මාධ්‍ය සමාජ හිතකර පැත්තකට යොමුකරගෙන ඇති බව පැහැදිලි වන අතර සමාජ ජාලා මාධ්‍ය අමතකර කර රටකට ගමනක් නොමැති බවත්, ලොව ඇතිවී ඇති 4 වන කාර්මික විප්ලයේ ප‍්‍රධානම ක‍්‍රියාවලිය වන්නේ නව තාක්‍ෂණ ක‍්‍රියාවලිය එකකට එකක් මුසුවී කටයුතු කිරීම බවත් එනම් නැනෝ තාක්‍ෂණය, රෝබෝ තාක්‍ෂණය, චන්‍‍්‍රදිකා තාක්‍ෂණය ඇතුළු සියල්ල අන්තර්ගත කරමින් සැදුනු නව තාක්‍ෂණ යුගයක බව අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

සමාජ ජාලා මාධ්‍ය මඟින් යම් වරදක් සිදුවේ නම් පවතින නීතිය යටතේ හෝ නව නීති යටතේ සෑම පියවරක්ම ගැනීම රජයක වගකීම වන අතර රටක් වශයෙන් අපගේ තාක්‍ෂණික උපකරණ ශක්තිමක් කළ යුතුය.

ඒ වගේම සමාජ ජාලා මාධ්‍ය මගින් සිදුවන වැරදි ප‍්‍රචාරයන්, අවභාවිතයන් පිළිබඳ පැමිණිලි කිරීම හා ක්‍ෂණිකව ක‍්‍රියාත්මක කිරීමට රජයේ නිෂ්චිත වගකිවයුතු අංශ වහාම ප‍්‍රතිචාර දැක්විය යුතු බවත්, බොහෝ රටවල නායකයන් සමාජ ජාලා මාධ්‍යන්හි ප‍්‍රචාරය කරන විවිධ මතවාදයන්ට පිළිතුරු දීමට කාලය වෙන්කර ඇති අතර, අපගේ නායකය්නට එසේ කාලයක් නොමැති නම් ජනමාධ්‍ය අමාත්‍යාංශය හා පොලීසිය මේ වෙන්වෙන් ප‍්‍රතිචාර දැක්වීමට සූදානමින් සිටිය යුතුය.

පුවත්පත් මගින් හෝ සම්ප‍්‍රදායික ක‍්‍රම මගින් අර්බුධකාරී තත්ත්වයකදී ප‍්‍රතිචාර දැක්වීමේදී සිදුවන දේ සිදුවී හමාර බවත්, ඒ අනුව, ලෝකය සමග ඇති තත්ත්වයට වත්මන් රජය ඔසවා තැබිය යුතුය.

මේ වන විට අවහිර කර ඇති සමාජ ජාලා මාධ්‍ය බාධකය වහාම ඉවත් කරන ලෙසත්, එම මාධ්‍ය අවභාවිතා කරන්නනන්ට දැඩි දඩුවම් ලබා දිය යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් පැවසීය.


(under the courtesy of adaderana.lk news web)

More News »