බහුභාර්යා රැඟූ නීතිඥයා රිමාන්ඩ්

2018-03-13 12:38:00       772
feature-top
තරුණියන් හා වැන්දඹුවන් විවාහ කර ගන්නා බව පවසමින් ඔවුන් සතු මුදල් වංචා කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් නීතිඥයෙකු පිළිබඳව පසුගියදා මාධ්‍යයෙන් වාර්තා විය.

ඔහුට එරෙහිව තවත් එවැනි වංචනික ක්‍රියාවන්ට හසුවූ කාන්තාවන් නාරාහේන්පිට පොලිස් ස්ථානය වෙත පැමිණිලි කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

එක් කාන්තාවක් වංචනිකව ඇයගෙන් රුපියල් ලක්ෂ 2ක මුදලක් ලබාගත් බව පවසමින් ඊයේ (12දා) නාරාහේන්පිට පොලිසිය වෙත දුරකතනය හරහා දැනුම් දී තිබේ.

ඒ සම්බන්ධයෙන් අදාළ කාන්තාව ඉදිරි දිනෙක නාරාහේන්පිට පොලිසිය වෙත පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය සඳහන් කරයි.

සතිඅන්ත පුවත්පත්වල දැන්වීම් පළ කරමින් ඔහු මෙම වංචනික ක්‍රියාව දීර්ඝ කාලයක් තිස්සේ සිදුකර ඇති බවද පොලිසිය පවසයි.

මෙම නීතිඥවරයා නීත්‍යනුකූල බිරියගෙන් වෙන් නොවී සහකාර ගණකාධිකාරවරියක සහ මීගමුව ප්‍රදේශයේ ධනවත් කාන්තාවක් විවාහ කරගෙන ඇති බවටද පරීක්ෂණවලදී අනාවරණය වූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

ඉකුත් 08 වැනි දින අත්අඩංගුවට ගත් සැකකාර නීතිඥයා ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

නාරාහේන්පිට පොලිසිය මේ පිළිබඳ ඉදිරි විමර්ශන සිදුකරයි.



(under the courtesy of srilankamirror.lk news web)

More News »