හෙරොයින් එක්ක බැරල් සංඛ පොලීසියට කොටු

2018-03-13 12:33:00       771
feature-top
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හොරොයින් ළඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරු පෑලියගොඩ ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 780 ක් සමඟ පොලිස් බාරයට පත්ව ඇත.

ඊයේ(12) රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 24 ක් වු හේරත් මුදියන්සේලාගේ ප්‍රභාත් මධුසංඛ නොහොත් බැරල් සංඛ නැමති පුද්ගලයෙකු බව පොලීසිය පවසයි.

ඔහු පෑලියාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අලුත්කඩේ මහේස්‍රතාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

පෑලියගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.



(under the courtesy of adaderana.lk news web)

More News »