අලුත්ගමගේ පොලිස් කටයුතු කතානායකට පවරයි

2018-03-13 11:43:00       771
feature-top
නාවලපිටිය පොලිසියේ ස්‌ථානාධිපතිවරයාට එරෙහිව කිසිදු පැමිණිල්ලක්‌ නොමැති බැවින් ඔහු මාරු කළ නොහැකි බව ගම්පොල ප්‍රදේශය භාර පොලිස්‌ අධිකාරි විකුම් ගිනිගේ මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ , මෙම පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා වහාම මාරුකර යවන ලෙස කියමින් නාවලපිටිය මාර්ගයේ පොලිසිය ඉදිරිපිට මහපාරේ නිදාගත් එක්‌සත් ජාතික පක්‍ෂ නාවලපිටිය සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතාගේ විරෝධතාව සම්බන්ධයෙන් කළ කරුණු විමසීමකදීය.

ඒ පිළිබඳව වැඩිදුරටත් කරුණු දැක්වූ පොලිස් අධිකාරීවරයා,.

"මෙම පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා වරදක්‌ කරලා නැහැ. ඔහු වරදක්‌ කළා නම් ඒ පිළිබඳ පැමිණිලි කරන ලෙස මන්ත්‍රීවරයාට පොලිසිය දැනුම් දුන්නා. ඒත් ඔහු කිසිම පැමිණිල්ලක්‌ කළේ නැහැ. මෙම මන්ත්‍රීවරයා ගමන් කරන ස්‌ථානවලට නාවලපිටිය පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා ආරක්‍ෂාව දුන්නේ නැහැ කියා චෝදනා නඟනවා. පැමිණිල්ලක්‌ ඉදිරිපත් කරන්න කියලා ඔහුගෙන් ඉල්ලීමක්‌ කළත් ඒ ගැන කථානායකතුමාට දැනුම් දෙනවා කියමින් මන්ත්‍රීවරයා පිටවී ගියා" යැයි පැවසීය.

(under the courtesy of srilankamirror.lk news web)

More News »