පුංචි සභාවල සභික ගැසට්‌ටුව කල් යන ලකුණු

2018-03-13 11:16:00       768
feature-top
පළාත් පාලන ආයතනවලට තේරීපත් වූ නව සභිකයන්ගේ නම් ඇතුළත් ගැසට්‌ නිවේදනය මුද්‍රණය කර අවසන් කිරීමට තවත් දින කිහිපයක්‌ ගතවනු ඇති බව රජයේ මුද්‍රණාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ පැවසීය.
පළාත් පාලන ආයතන 340 කට අයත් සභිකයන් 8600 දෙනකුගේ පමණ නම් ගැසට්‌ නිවේදනයට ඇතුළත් වන අතර එමනිසා මුද්‍රණය, සෝදුපත් බැලීම ආදී කටයුතුවලට දින කිහිපයක්‌ ගතවනු ඇති බවද හෙතෙම කීය.

මේ වන විට නම්වල නිවැරැදිතාව පරීක්‍ෂා කිරීමට මැතිවරණ කොමිසමට එම ලේඛන යොමුකර ඇති බවද, ඒවා අඩුපාඩු සකස්‌ කිරීමෙන් පසුව අවසන් කර මුද්‍රණයට යොමු කරන බවද හෙතෙම පැවසීය.

ලබන 20 වැනිදා සිට සභික ධුර කාලය නිල වශයෙන් ආරම්භ වෙයි.

එහෙත්, මේවනවිට මැතිවරණ කොමිසම විසින් සහතික කර මුද්‍රණය සඳහා ඒවා ඇත්තේ දිස්ත්‍රීක් කිහිපයක සභික ලැයිස්තු පමණි. පක්ෂ ලේකම්වරුන් විසින් එම ලැයිස්තු වරින්වර සංශෝධනය කිරීම මෙම ප්‍රමාදයට හේතුවී තිබේ.

(under the courtesy of srilankamirror.lk news web)

More News »