මුහුණුපොතට මුහුණදෙන්න, අද 2ට ලයිව් එකට එක්වෙන්න

2018-03-13 10:47:00       769
feature-top
පසුගිය සතියේ සිට ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි හා අන්තර්ජාල සන්නිවේදන යෙදවුම් කිහිපයක් මත ශ්‍රී ලංකාව තුළ පණවා ඇති තහනම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් අද දිනයේදී (13) කැඳවීමට ශ්‍රී ලංකා වෘත්තිය වෙබ් මාධ්‍යවේදීන් ගේ සංගමය පියවර ගෙන ඇත.
Face to Facebook (මුහුණුපොතට මුහුණදෙන්න) ලෙස නම් කර ඇති මෙම මාධ්‍ය හමුව අද ප.ව. 2.00ට මරදාන පිහිටි සමාජ සහ සාමයික කේන්ද්‍රයේ (CSR)දී ප.ව. 2.00 සිට පැවැත්වීමට නියමිතය.

මේ වන විට පණවා ඇති ෆේස්බුක් තහනම, ඒ සම්බන්ධයෙන් පැතිරී යන විවිධ සත්‍ය/අසත්‍ය කරුණු, එහි නීතිමය පසුබිම මෙන්ම, මෙම තහනම හේතුවෙන් විවිධ ක්ෂේත්‍ර වලට වෘත්තිමය මට්ටමකින් ඇතිවී ඇති බලපෑම පිළිබඳ වැඩිදුරට කරුණු දැනගැනීමට ‘ශ්‍රී ලංකා මිරර්’ ෆේස්බුක් පිටුව ඔස්සේ මෙහි සජීවී විකාශය නැරඹිය හැක.

(under the courtesy of srilankamirror.lk news web)

More News »