ඉන්දියාවට කඩුලු 6 ක ජයක්

2018-03-13 09:28:00       230
feature-top
නිදහස් කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සමඟ පැවති තරඟය කඩුලු 6 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

තරඟයේ කාසියේ වාසිය දිනු ඉන්දීය කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 19 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 152 ක් රැස් කිරීමට සමත් විය.

ලකුණු 153 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 17 යි පන්දු 3 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් මනීෂ් පාන්ඩේ නොදැවී ලකුණු 42 ක් ලබා ගත් අතර දිනේෂ් කාර්තික් ලකුණු 39 ක් රැස් කිරීමට සමත් විය.



(under the courtesy of adaderana.lk news web)

More News »