ජනපති ඉන්දියා යයි

2018-03-10 12:07:00       726
feature-top
නිල සංචාරක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.

ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි 282 දරණ ගුවන් යානයෙන් අද(10) පෙරවරු 08.40ට පමණ ජනාධිපතිවරයා ඉන්දියාව බලා පිටත්ව ගිය බව අද දෙරණ ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේය.

එම සංචාරය සඳහා ජනාධිපතිවරයා සමඟ 10 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ඉන්දියා බලා පිටත්ව ගොස් තිබේ.

ඉන්දීය නිල සංචාරයෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස ජපානය බලා පිටත්ව යාමට නියමිතය.

(under the courtesy of adaderana.lk news web)

More News »