සම්බන්ධය නතර කළැයි කෝපයට පත් අනියම් සැමියා කාන්තාවට කළ අපරාධය

2018-03-10 11:41:00       725
feature-top
අනියම් සම්බන්ධය නතර කිරීමත් ඒ බවට පොලිසියට පැමිණිලි කිරීමත් සම්බන්ධයෙන් කෝපයට පත් පුද්ගලයකු අනියම් බිරියට පහරදී තුවාල සිදු කොට ඇගේ කොණ්‌ඩය කපා දැමීමේ සිද්ධියක්‌ ගල්ගමුව පොලිසියෙන් වාර්තා වෙනවා.

මෙකී පුද්ගලයා බොහෝ කලක සිට විවාහක කාන්තාවක්‌ සමඟ අනියම් සම්බන්ධයක්‌ පවත්වාගෙන ගොස්‌  තිබෙනවා. එකී සම්බන්ධය විවාහක කාන්තාවගේ සැමියාට ආරංචි වීමත් සමඟ ඔහු බිරිඳට කරුණු කාරණා අවබෝධ කරදීමෙන් පසු ඇය අනියම් සම්බන්ධය නතර කරන බවට සැමියාට පොරොන්දුවී ඇතැයි පොලිසිය සදහන් කරන අතර  ඒ බව පොලිසියට පැමිණිලි කර ඇතැයිද පැවසේ.

මින් කෝපයට පත් අනියම් සැමියා යතුරුපැදියකින් කාන්තාවගේ නිවස ඉදිරිපිටට ගොස්‌ ඇයව නිවසේ සිට පාරට ඇදගෙන විත් අතින් පයින් පහරදී රැගෙන ආ කතුරකින් ඇගේ කොණ්‌ඩය කපා ඇති බව සදහන්.

පහර කෑමෙන් තුවාල ලැබූ ඇය ප්‍රතිකාර සඳහා ගල්ගමුව මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
(under the courtesy of hirunews.lk news web)

More News »