ගිනිඅවි සමග සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට

2018-03-10 09:55:00       726
feature-top
ගිනි අවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු පයාගල හා මාතර ප‍්‍රදේශවලදි අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සිදුකළ වැටලීම්වලදීයි.

විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක්, මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, බෝර 12 උණ්ඩ 05 ක්, ටී 56 උණ්ඩ 09 ක් සැකකරුවන් සතුව තිබී සොයාගත් බවයි පොලීස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කර සිටින්නේ.

සැකකරුවන් හම්බන්තොට සහ දෙවිනුවර ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවයි අනාවරණ වී තිබෙනවා. මෙම සැකකරුවන් විසින් ගිනිඅවි පෙන්වා මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධීන් කිහිපයකට සහ මූල්‍ය වංචා කිහිපයකට සම්බන්ධ බවට පොලිසිය සදහන් කරනවා.


(under the courtesy of nethnews.lk news web)

More News »