ශ්‍රී දේවිට විටින් විට ඇමතුම් ලබාදුන් පුද්ගලයා කවුද? මුම්බායි පොලීසියට සැකයක්

2018-02-27 04:39:00       768
feature-top
සිය ප්‍රතිභා පූර්ව රංගන හැකියාවෙන් වසර 50ක කාලයක් ලොව පිනවමින් සියලු දෙනාගේ ආදරටය පාත්‍ර වූ ඉන්දිය සුපිරි නිළි ශ්‍රී දේවි පසුගිය 24 වනදා හදිසියේ අභාවයට පත්වුණේ ඩුබායිහිදීයි.

ඇය අභාවය පිළිබඳව විවිධ මාධ්‍යයන් ඔස්සේ විවිධ හේතු පල වුවත් අවසානයට ඊයේ (26) දිනයෙ දී  එමීරේට්ස් රාජ්‍යය විසින් ඇයගේ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

එහි සඳහන් වුණේ ශ්‍රී දේවි දියේ ගිලීමෙන් ඇති වූ හදිසි අනතුරෙන් මියගිය බවයි. ඒ අතරවාරයේ ඇය මත් පැන් පානය කර ඇති බවටත් ඇතැම් මාධ්‍ය වාර්තා පල කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී දේවිගේ පවුලේ උදවිය පවසා සිටියේ ඇය ඇතැම් අවස්ථාවල වයින් පානය කළ ද සැර මත්පැන් පානය නොකරන බවයි.

එය එසේ තිබිය දී ඇගේ දේහය ඉන්දියාවට ගෙන යාම සම්බන්ධයෙන් තවදුරටත් ගැටළු රැසක් මතුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් එමීරේට්ස් රාජ්‍යයේ ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ගෙන ඉන්දිය රජය විමසීමක් කර තිබුණා.

එහිදී එමීරේට්ස් රාජ්‍යයේ ජනාධිපතිවරයා පවසා ඇත්තේ නීතිමය ගැටළු රැසක් පවතින බැවින් මෙම ප්‍රමාදය ඇති වී තිබෙන බවයි.

අද (27) දිනයේ දී දේහය එම්බාම් කිරිමේ කටයුතු අවසන් වීමෙන් පසු දේහය පවුලේ ඥාතීන් වෙත භාරදීමට කටයුතු කරන බවයි එමීර් ජනාධිපතිවරයා පවසා ඇත්තේ.

එය එසේ තිබියදී ඉන්දිය සුරූපී නිළි ශ්‍රී දේවිගේ හදිසි මරණය සම්බන්ධයෙන් ඉන්දිය මුම්බායි පොලීසිය ද විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මුම්බායි පොලීසිය විවිධ කෝණවලින් විමර්ශන ආරම්භ කර ඇති අතර ඔවුන් වෙත ලැබුණු තොරතුරු අනුව එමීර් රාජ්‍යයේ නිලධාරින්ගෙන් ප්‍රශ්න කර තිබුණා.

එම ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමට එමීර් රාජ්‍යය අසමත් වී ඇති බවයි ඉන්දිය මුම්බායි පොලීසිය පවසන්නේ.

මුම්බායි පොලීසියට ඇති වී තිබෙන සැකය අනුව එමීර් රාජ්‍යය විසින් තවදුරටත් පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී දේවිගේ ස්වාමියා වූ චිත්‍රපට අධ්‍යක්ෂ බෝනී කපූර් සහ ඇය ලැගුම් ගෙන සිටි හෝටලයේ සේවකයන් එරට ආරක්ෂක අංශය වෙත කැඳවා දීර්ඝ ලෙස ප්‍රශ්න කිරිම සිදුකරන බවයි ඉන්දිය වාර්තා පවසන්නේ.

කෙසේ වෙතත් ශ්‍රී දේවි ලැගුම් ගෙන සිටි හෝටලයට සහ ඇගේ ජංගම දුරකථනයට විටින් විට අවස්ථා කිහිපයක් දුරකථන ඇමතුම් ලබා ගත් පුද්ගලයෙකු පිළිබඳව මුම්බායි පොලීසිය අනාවරණය කර තිබෙනවා.

එම දුරකථන ඇමතුම ලබාදුන් පුද්ගලයා කවුරුන්දැයි සොයා විමර්ශනයක් සිදු කළ බැවින් ශ්‍රී දේවිගේ දේහය ඥාතීන් වෙත භාරදීම ප්‍රමාද වූ බව සඳහන්.

දැනටමත් පරික්ෂණ කටයුතු අවසන් අදියරේ ඇති බවත් වාර්තා වනවා.




(under the courtesy of nethnews.lk news web)

More News »