මහින්දානන්ද අළුත්ගමගේට අදාළ නඩුවක් ලබන මස කැඳවිමට මහාධිකරණය නියෝග කරයි

2018-02-27 04:37:00       768
feature-top
පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්දානන්ද අළුත්ගමගේට එරෙහි නඩුවක් මාර්තු මස 06 සහ 07 යන දිනවල විභාගයට ගැනීමට කොලඹ මහාධිකරණ අද නියෝග කළා.
කී‍්‍රඩා අමාත්‍යවරයාව සිටි සමයේදී ශි‍්‍ර ලංකා නිදහස් කම්කරු කොංග‍්‍රසය නමැති වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39ක මුදලක් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනුයි මහින්දානන්ද අළුත්ගමගේට මෙම නඩුව පවරා තිබෙන්නේ. මෙහි  සාක්ෂි විමසීම අදට නියමිතව තිබුණත් මුල් පැමිණිලිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති පැමිණිල්ලේ පිටපතක් විත්ති පාර්ශවයට ලැබී නොමැති වීම නිසා නඩු විභාගය මෙලෙස ලබන මාසයට කල් තබා තිබෙනවා.



(under the courtesy of nethnews.lk news web)

More News »